(අනීෂා මානගේ)
ගිනිඅවියක්, ජීව පතොරොමක් සහ කිණිස්සක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් පලායමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුන්වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ විතාරන්දෙණිය කඳවුරේ සහ පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු අද(26) අත්අඩංගුවට ගත්හ.
අත්අඩංගුවට පත්වූ සැකකරුවෝ තංගල්ල රැකව සහ අඟුණකොළපැලැස්ස ගුරුවල ප්‍රදේශයේ පදිංචි 34 සහ 41 හැවිරිදි පුද්ගලයෝ වෙති.
ගිනිඅවියක් රැගෙන පුද්ගලයින් දෙදෙනකු වීරකැටිය විතාරන්දෙණිය රොටේ මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරන බවට යුද හමුදා කඳවුරේ කපිතාන්වරයා ලද තොරතුරකට අනුව එම යතුරුපැදිය කිලෝමීටර දහයක් පමණ හඹා ගොස් තලම්පෝරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්වූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරට බාර දී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd