(ජයන්ත සමරකෝන්)
අධිකරණයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ සැකකරුවකු ගුද මාර්ගයේ සඟවා ගෙන තිබූ ජංගම දුරකතනයක් පිටතට ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
සිරවාට්ටුවට ඇතුළත් කිරිමට පෙර සිදුකළ පරීක්ෂණාවේ දී ඇතිවූ සැකයක් මත සැකකරු මුලින්ම බන්ධනාගාර රෝහලට යවා ඇතැයි ද එහිදී ශරීරය තුළ සැකකටයුතු යමක් ඇති බව හෙළිවීමෙන් ඔහු ජාතික රෝහලට මාරුකර යවා ඇතැයි ද පැවසේ.
එහිදී සිදුකළ ප්‍රතිකර්ම වලින් පසු ගුද මාර්ගය තුළින් ජංගම දුරකතනයක් පිටතට ගත් බවද දැනගන්නට තිබේ.
සැකකරු බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පැමිණ වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.