(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
මුන්දලම පොලිස් වසමට අයත් සෙම්බැට්ට වජිරවත්ත ප්‍රදේශයේ ගෙවත්තක් තුළ වගාකර තිබූ බව කියන සරුසාර ගංජා ගසක් සොයා ගැනීමට අද (23) දින පෙරවරුවේ දී මුන්දලම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්වී තිබේ.
ඒ අනුව එම ගංජා ගස සමග සැකපිට එම ගෙවත්තේ හිමිකරුව අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අඩි 6යි අගල් 7ක් උස සහ ග්‍රෑම්ස් 630ක් බරැති මෙම ගංජා ගස ගෙවත්තේ පිටුපස පොල් අතු ආවරණයක් සහිත කොටුවක් තුළ වගාකර තිබී ඇත.මේ පිළිබදව පොලීසිය සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එය තමන් ආසාවට කළ වගාවක් බවට සැකකරු පවසා ඇතැයි කියති.
මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ උපදෙස් මත එම දූෂණ වැටලීම් ඒකකයේ පොලිස් සැරයන් (27775) ප්‍රේමසිරි සමග පොලිස් කොස්තාපල්වරුන් වන ( 14375) ගුණතිලක, ( 61273) විජේකෝන් සහ ( 75785) චන්දන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසියට බෙහෙතට ගන්ඩවත් ද
ඇයි අර ඇමතියෙක් කිවුවේ මිනිහගේ ගෙදර කොකේන් ගහක් තියෙනවා කියල එක අල්ලන්නැද්ද
අපගේ නිර්භීත පොලිස් නිලධාරීන් හා දුරදර්ශි රජය මගින් මහා පරිමාණ අපරාධ, හොරකම්, වංචා සහ දුෂණ නැවැත්වූ නිසාවෙන් දැන් ඉතිරිවී සිටින්නේ මෙවැනි සුළු පරිමාණ අපරාධ කරුවන් පමණි. හැකි ඉක්මනින් මේ අයවත් අල්ලා මේ රට සුර පුරයක් කිරීමට කිරීමට අපේ බලධාරීන්ට හැකි වේවා. මේ වැටලීම නිර්භීතව සිදුකල නිලධාරීන්ට උසස් වීම සහ වැටුප් වර්ධක ලබා දී ඔවුන්ව දිරිමත් කරන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.
අවුරුදු 50 ක් වත් හිරේ දාන්න ඕනේ...රුපියල් මිලියන 10ක් වත් දඩ ගහන්න ඕනේ... අනේ පොලිස් හරිම ආඩම්බරෙන් ඉන්නේ. ලංකාවේ වෙන අපරාධ වෙන්නෙම නෑ.