
(රන්න චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය ගෝණදෙනිය කන්ද අද (05) පස්වරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් විය.
ගින්නට හසුවීමෙන් ගෝණදෙනිය කන්දේ අක්කර 5ක පමණ ප්‍රමාණයක් විනාශයට පත් වී තිබුණි.
හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය, තංගල්ල යුදහමුදා කඳවුර, වලස්මුල්ල අඩවි වන කාර්යාලය සහ වීරකැටිය පොලිසිය මගින් පැය කීපයක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවා දැමීමට සමත්ව ඇත.
වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිහුද පැමිණ තත්ත්වය පාලනය කිරීම සඳහා සහාය වූහ.
වීරකැටිය ගෝණදෙනිය කන්ද අවස්ථා ගණනකම ගිනි ගැනීමට ලක් වූ අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ගෝණදෙනිය කන්ද තරණය කරන සමහරුන් ගෝණදෙනිය කන්දට ගිනි තබන බවයි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.