(සුමතිපාල දීයගහගේ)
ගොඩවාය දෙහිගහලන්ද ප්‍රදේශයේදී නවාතැන් පොළක මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ ගණිකා නිවාසයක් පවත්වා ගෙන යන බවට ලැබුණ තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලීසියට ගණිකා සේවයේ යෙදි සිටි කාන්තාවන් දෙදෙනා සහ එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා හම්බන්තොට සහ අම්බලන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන්වන අතර සැකකාරියන් දෙදෙනා කොත්මලේ සහ බුත්තල පදිංචි විසි හය හැවිරිදි වියේ පසුවන්නියන් බවද හෙළිවී ඇත.
සැකකරුවන් අද (16) හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.