(චමිල් රූපසිංහ)
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වූ පසු අග්‍රාමාත්‍යවරයා පත් කර ගැනීම සඳහා නීති විරෝධි ව්‍යවස්ථා විරෝධි කිසිඳු කටයුත්තක් නොකරන බවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා නීතියේ රාමුව තුළ හා ව්‍යවස්ථාවේ රාමුව තුළ ඉඩ කඩ ඇති බව ද පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවැසුයේ මහනුවර පොදුජන පෙරමුණේ පක්ෂ කාර්‍යාලයේදී අද ( 11 ) පැවති මාධ්‍ය හමුවකදීය.
පසුගිය කාලයේ අග්‍රාමාත්‍යවරයා පත්කරගැනීම සම්බන්ධව අධිකරණ තීන්දුව පිළිගත් සේම පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමෙන් අග්‍රාමාත්‍යවරයා පත් කර ගත් ඒ රටේ නීතිය පරිදි නීතියේ රාමුව තුළ හා ව්‍යවස්ථාවේ රාමුව තුළ කටයුතු කරණ බව ඔහු පැවැසීය.
මාදුඵවාවේ සෝභිත හිමයන් විසින් “ අපට වැරදුනා මහත්තයො “ කියා ප්‍රකාශ කළා සේම මහ රූ කලුවරේ හුලුඅතු පත්තුකරගෙන ගොස් මේ රටේ ජනතාවගෙන් බහුතරයක් මහ වලක වැටුණු බවත් මහදවල් හුලුඅතු පත්තුකරගෙන ගොස් වලේ වැටෙන ජනතාවක් තවත් මේ රටේ නොමැති බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
සජිත් ප්‍රේමදාස රටේ ජනතාවට කැඩිච්චි සෙරෙප්පු දෙකක් පෙන්නා එතුමාගේ දේශපාලනය අලෙවි කෙරුවත් බහින්නේ ලක්ෂ 850 වාහනේකින් බවත් මිනිසුන්ගේ බුද්ධියට අගෞරව කිරිම උපරිමයෙන් සජිත්ගේ වේදිකාවේ කරණු ලබන බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
දේශපාලන පොරපිටියට බය අය දේශපාලන පොරපිටියේ ජනතාවගේ සාධාරණ මතයට බය අය විවිධ ක්‍රම පාවිච්චි කරමින් තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ජනතාවගේ ජනවිඥානය වෙනස්කිරීමට අසාර්ථක නින්දිත පහත් උත්සහයක් දරමින් සිටින බවත් පසුගිය දින කිහිපයේ හා ඉදිරි දින කිහිපයේද එවන් උත්සහයන් දැරූ බවත් එක්සත් ජාතික පක්ෂය තමාගේ පරාජය පිළිගෙන එයින් පැහැදිලි වන බවත් ඒ පරාජය වක්‍රව පිළිගත් නිසා දේශපාලන සංසකෘතිය විනාශ කරමින් ඉතාමන් නින්දිත පහත් ක්‍රියාවන් වලට එක්සත් ජාතික පක්ෂය අවතීර්ණ වෙමින් පවතින බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ගෝඨාභය ජනපති වූ පසු ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත් කරනවා