IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගැටළු වලට විසඳුම් ඉල්ලා කිරී ගොවීහු වර්ජනයකට සැරසෙති

(කාංචන කුමාර ආරියදාස)
 
කිරි ගොවීන්ට බලපා ඇති ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ඉල්ලා දිවයින පුරා විසිරී සිටින කිරිගොවීන් ලබන 13වැනි  දින කොළඹ පශු  සම්පත් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට තීරණය කළ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සදහන් කර සිටී.


සමස්ත ලංකා ගොවිජන සම්මේලනයට අනුබද්ධ කිරි ගොවි  සුරැකීමේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා අද (11)  දින පස්වරුවේ දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.


කිරි මිලදී ගන්නා සමාගම් මේ වනවිට ගොවීන්ට නියමිත දිනට මුදල් ලබා නොදීම නිසා ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව තිබෙන බවත් එමෙන්ම කිරි ගොවීන්ට ප්‍රශ්න රැසක් පිළිබඳව ඔවුහු අවධාරණය කළහ. 


අවස්ථා ගණනාවකම කිරි ගොවීන්ගේ ප්‍රශ්න පිළිබඳව රජයට දැනුම් දුන්නද මෙතෙක් ඊට විසඳුම් නොමැති නිසා ලබන දහතුන් වන දින කිරි ගොවීන් සියළු දෙනාම අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වන බවද නවරත්න මහතා සඳහන් කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මෙසේද පැවසීය.


  "අද බොහෝ ප්‍රදේශවල වෙළඳසැල් ඉදිරිපිට දැන්වීම් ගහල තියෙනවා කිරි ගොවීන්ට  ණයට බඩු දෙනු නොලැබේ කියලා. ඒ තත්ත්වයට අද පත්වෙලා. මේ කිරි ගොවීන්ගේ ප්‍රශ්න පිළිබඳව අපි රජයේ මැති ඇමතිවරුන්ට නිලධාරීන්ට තේරෙන භාෂාවෙන් කිව්ව රට වටේ විරෝධතා උද්ඝෝෂණ තියලා කිව්වා හැබැයි ඒත් සාකච්ඡාවක් දෙනව කිවුව දුන්නෙ නෑ මග ඇරියා."


"මේ වන විට කිරි ලබාගෙන වාරික තුනක් ගොවියාට මුදල් ලබා දීලා නෑ.  අද කිරි ගොවියාට මිල ප්‍රශ්නයක් පමණක් නෙවෙයි විශාල ප්‍රශ්න රැසක් පවතිනවා. ඉතා සූක්ෂම ලෙස දේශීය කිරි කර්මාන්තය විනාශ කිරීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. රට වටේම ගාල්වල ඉන්න කිරි හරක් ටික සංවිධානාත්මක පිරිසක් හොරකම් කරගෙන යනවා.

ඊට අමතරව විදේශ රටවලින් කිරි ආහාර ගෙන්වනවා රටේ කිරි කර්මාන්තය විනාශ කිරීම සදහා ලෙඩ හරක් රෝග ඇති හරක් දෙනුන් ගෙන්වල බෙදාගන්නවා. දේශීය කිරි ව්‍යාපෘතිය නමින් වංචාකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නෙ ඒ නිසා අපි මේවට ඉඩ දෙන්නේ නැහැ.
 



අදහස් (0)

ගැටළු වලට විසඳුම් ඉල්ලා කිරී ගොවීහු වර්ජනයකට සැරසෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site