(මහේෂ් කිර්තිරත්න)
මාතලේ නගරය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පාළු ස්ථානයකදි ගංජා උරමින් සිටි මාතලේ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුන් 04 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මිතුරකුගේ මළ ගෙදරක යන පවසමින් මෙම පාසල් සිසුන් නිවෙස් වලින් පිටවී ඇති අතර සිසුන්ට ගංජා ලබා දි ඇත්තේ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත පිරිසක් බවද පරීක්ෂණ වලදී අනවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd