(කේ-බුද්ධික කුමාරසිරි )
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි ආයුර්වේද නිෂ්පාදන අලෙවිසැලකින් ගංජා මිශ්‍රකළ, ශක්ති වර්ධන ඖෂධ ඇතුළත් පැකට් 1500ක් සමඟ එම වෙළඳසලේ හිමිකරු අද (03) දින සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු මධ්‍යස්ථානය පවසයි.
එම සුරාබදු ස්ථානයට ලද තොරතුරක් අනුව කළ පරීක්ෂාවේදී මෙම පැකට් තොගය හමු වී ඇත
වෙද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැති පුද්ගලයින් හට මෙම මෝදක ගුලි අලෙවි කළ නොහැකි බවත් ගංජා ඖෂධයක් ලෙස පාවිච්චියේදී ඉවත් කළ යුතු කොටස් ද ඇතුලත් කර මෙම මෝදක ගුලි නිශ්පාදනය කර තිබූ බවද එම මධ්‍යස්ථානය පවසයි.
ඇහැලියගොඩ ප්‍රදේශයේ නිෂ්පාදනය කර වෙළඳසල් වෙත බෙදා හැර ඇති මෙම මෝදක ගුලි සදහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබා තිබෙන බවට ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබෙන බව නිරීක්ෂණය වූ බැවින් ඒ පිළිබදව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද එම මධ්‍යස්ථානය පවසයි
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මත්ත්ගොඩ ප්‍රදේහයේම පදිංචි ව්‍යාපාරිකයෙකු වන 32 හැවිරිදි පුද්ගලයෙකි සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ලොකු වැඩක් කරලා වගේ...!! මේවගේ තියෙන ඖෂධ ගුණ පිළිබද සොයා බලන්න.. ලෝකයේ බොහෝ රටවල් වල මෙය තහනම් නැහැ.