IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගංජා ප්‍රවාහනය කළ අඹුසැමි යුවලක් අත්අඩංගුවට

(ක.ග කරුණාරත්න)

මඩකලපුව - වාලච්චේන ප්‍රදේශයේ සිට නවීන පන්නයේ මෝටර් රථයකින් ගංජා තොගයක් පොලොන්නරුවට ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් අද (8) පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරක් මත එහි පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.

පොලිස් අත්අඩංගුවට පත් අඹුසැමි දෙදෙනා  වාලච්චේන, මාවඩිචේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළි වී ඇත.

කාන්තාව වයස අවුරුදු 30 ක බවත් ඇගේ සැමියා 39 වන වියේ පසුවන බව ද පොලිසිය පවසයි.

පොලිසිය මෝටර් රථය පරීක්ෂා කොට ගංජා තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම අඹුසැමි දෙදෙනාගේ වයස් අවුරුදු දෙකක් වයසැති  කුඩා දරුවා එම මෝටර් රථයේ පිටුපස අසුනේ සඟවා තිබූ ගංජා පාර්සලය මත නිදි කරවා සිටි බවද විමර්ශන කටයුතු සිදු කළ පොලිස් නිලධාරයෝ පවසති.  



අදහස් (0)

ගංජා ප්‍රවාහනය කළ අඹුසැමි යුවලක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 608 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site