(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගංජා පැකට් 53 ක් සමඟ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් අද (29) මාකුඹුර කොට්ටවදී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.
මෙම ගංජා පැකට් සැකකරුවන්ට අයත් යතුරු පැදියක සහ ඔවුන්ගේ නිවස තුළ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.
මෙම එක් ගංජා පැකට්ටුවක් රුපියල් 500 ක් ලෙස අලෙවි කරන බවද සැකකරුවන්ගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් දෙදෙනා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිස් විමර්ෂණයේදී හෙළිවූ බවද පොලීසිය කීය.
අවුරුදු 20 ත් 21 ත් යන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් දෙදෙනා සහ අත්අඩංගුවට ගත් ගංජා තොගය හෙට (30) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගංජා පැකට් 53 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට