ක.ග කරුණාරත්න
කොළඹ සිට අරලගංවිල, සිරිපුර ප්‍රදේශයට කේරළ ගංජා ප්‍රවාහනය කර බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටි බව කියන පුද්ගලයෝ දෙදෙනෙකුකේරළ ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 400 ක තොගයක් සමඟ අද (9) අරලගංවිල, සිරිපුර දී අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
සැකකරුවන් විසින් මෙම කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි බව කියන මෝටර් රථයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් එම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවකි.
අරලගංවිල, සිරිපුර, දෙහිඅත්තකණ්ඩිය, නුවරගල, දිඹුලාගල, මනම්පිටිය ආදී ප්‍රදේශවල කේරළ ගංජා විකිණීම, බෙදාහැරීම මෙම සැකකරුවන් කර ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd