(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට රැගෙන එමින් තිබූ ගංජා තොගයක් සමග සැකකරුවකු ඊයේ (31) සවස කරන්දෙණිය කැකිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි.
විශේෂ කාර්යංශයේ නිලධාරින් ලබා දුන් තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මොහු අලෙවිය සඳහා ගංජා රැගෙන එමින් සිටියදී ගංජා ග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොහු මාස 6ක පමණ කාලයක සිට මෙම ජාවාරම කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදි හෙළිවී තිබේ.
සැකකරු අද (01) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd