IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගජමුතු 02 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(එච්. චන්දන)

පුත්තලම පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වටිනාකම තක්සේරු කළ නොහැකි ගජමුතු 02 ක් සමඟ පුද්ගලයෙකු අද (01)  පුත්තලම මනගුණ්ඩු ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වටිනා ගජමුතු දෙක සමඟ හෙරෝයින් මිලි ග්‍රෑම්  620 ද සැකකරු සන්තකයේ තිබී පොලිස් නිලධාරීන් සොයා ගෙන තිබේ.

මොහු  කලක සිට හෙරොයින් මත් කුඩු ජාවාරමේ යෙදී ඇති බවත් සැකකරු මෙම ගජමුතු දෙක වනාතවිල්ලුව - එළුවන්කුලම ප්‍රදේශයේ අයකුගෙන් ලබා ගෙන ඇති බවත් එය විකිණීමට සුදානමින් සිටි බවත් මූලික පොලිස් විමර්ශන වලදී  අනාවරණය වී ඇත.

සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (0)

ගජමුතු 02 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site