IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොළඹ-මඩකලපුව දුම්රියේ ගැටී අලියෙක් නසී


(ඩබ්. ඒ. පියතිලක)
 
කොළඹ-මඩකලපුව සීඝ්‍රගාමී  දුම්රියට කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ තලපත කන්ද  ප්‍රදේශයේදී අද (31)  වනඅලියකු ගැටී මියගොස් ඇතැයි කවුඩුල්ල ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීහු කියති.
 
ජාතික හුරුළු උද්‍යානය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන අතර අලි සංක්‍රමණය වන තලපත කන්ද අලි මංකඩදි  කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ  දුම්රියේ ගැටී  මෙම අලියා මියගොස්  ඇත. 
 
මිය ගිය අලියා වයස අවුරුදු 10 - ක් පමණ අඩි 7 ක් පමණ උසැති ගැහැණු සතෙකු බවද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

මෙම තලපත කන්ද වනඅලි මාරු වෙන ස්ථානයේ දුම්රිය මාර්ගය කිලෝමීටර්  එක හමාරක් පමණ එක දිගට පිහිටා ඇති බවත්, අවට වන අලි සිටින බවට පැහැදිලිව දක්නට ලැබුණත් මෙම ස්ථානයේ නිතර නිතර වන අලි දුම්රියට බිලිවීමට ප්‍රධාන හේතුව දුම්රිය රියදුරන්ගේ අපරීක්ෂාකාරි ලෙස දුම්රිය ධාවනය කිරීම බවත් වනජීවි නිලධාරීහු පවසති.
 
වනජීවී නිලධාරීහු සහ හබරණ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

කොළඹ-මඩකලපුව දුම්රියේ ගැටී අලියෙක් නසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site