IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කොළඹ නගර සභාවට වරිපනම් ගෙවීමට එන ජනතාව ගැන නගරාධිපතිනිගේ අවධානය

(රොමේෂ්  ධනුෂ්ක සිල්වා ) 
 
කොළඹ මහ නගර සභාවට වරිපනම් ගෙවීමට පැමිණෙන මහජනතාව බෙහෙවින් අපහසුතාවයට පත්වන බවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ දින පැතිර ගිය කරුණ පිළිබඳව නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මියගේ අවධානයට ලක් කෙරිණි.  
 
 
ජනවාරි පළමුවන දින සිට ජනවාරි 31 වන දින දක්වා 2020 මුළු අවුරුද්දේම වරිපනම් මුදල එකවර ගෙවන ජනතාවට 10% ක වට්ටමක් නගර සභාව මඟින් ලබාදෙන බැවින්, මෙම මස 31 වැනිදාට ප්‍රථම තම වරිපනම් මුදල් ගෙවිම සඳහා මහජනතාව වෙනදාට වඩා වැඩි පිරිසක් පැමිණ ඇත.
 
 
 
මෙම හේතුව නිසා වරිපනම් ගෙවීමට ඇති ස්ථානයේ ඉඩකඩ  සීමිත බැවින් මහජනතාව යම් අපහසුතාවයකට පත්වී ඇති බව එතුමියට මෙහිදී දැනගන්නට ලැබිණි. එතුමියගේ උපදෙස් පරිදි මේ වන විට මුදල් ගෙවිම සඳහා අතිරේක කවුන්ටර් ප්‍රමාණයක්ද මහජනතාවගේ පහසුව සඳහා සකසා ඇත. 
 
 
 
මහජනතාව අපහසුතාවයකට පත් නොවන ආකාරයට කාර්යක්ෂමව තම සේවාවන් හැකි උපරිම අයුරින් ජනතාවට ලබා දෙන ලෙසට එතුමිය විසින් මෙම අවස්ථාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.



අදහස් (0)

කොළඹ නගර සභාවට වරිපනම් ගෙවීමට එන ජනතාව ගැන නගරාධිපතිනිගේ අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 410 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site