(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයට දෛනික බෙදාහැරෙන ජලය කියුබික් මිලියන ලක්ෂ 3ක් අතරින් සියයට 30 ක් පමණ අපතේ යන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත.
ජල කරාම කැඩී යාම, ජල නල මගින් සිදුවන කාන්දුවීම් ඇතුළු විවිධ හේතුන් මීට බලපා ඇතැයි ද අනාවරණය වී තිබේ.
මීට පෙර කොළඹ නගරයේ ජලය අපතේ යාම සියයට 40ක් ආසන්නව තිබූ බවද නව ජල නල එලීම යටතේ මෙම තත්ත්වය තවදුරටත් වළක්වා ගැනීමට හැකිවූ බවද මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.