(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 20.68කින් පහත වැටිණි.
ඒ අනුව කොළඹ සියලු කොටස් මිල දර්ශකය 0.34%කින් පහත වැටුණු අතර එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 7.87කින් එනම් 0.27%කින් පහත වැටිණි.
ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,108.53ක් දක්වාත් එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 2,929.09 දක්වා පහත වැටිණි.
ඊයේ (01)දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ පිරිවැටුම රුපියල් මිලියන 505.5ක් විය. කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු ඊයේ දිනය වෙනුවෙන් අවසන් කරද්දි දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 497.1ක් ලෙසත් දේශීය විකුණුම් රුපියල් මිලියන 460.4ක් ලෙසත් සටහන්ව තිබූ අතර දේශීය මිලදී ගැනීම් මිලියන 8.3ක් ලෙසත් සටහන්ව තිබිණි. එහි විදේශීය විකුණුම් රුපියල් මිලියන 45.0ක් ලෙසද සටහන්ව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd