(බන්දු තඹවිට)
කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අඩුවීමත් සමග මී උණ පැතිරීමේ අවදානමක් ඇතිවී ඇති බවත් ,මේ වන විට එම තත්වය පාලනය කිරීම සඳහා සියලු කටයුතු ආරම්භ කර ඇති බවත් කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ මහතා පැවසීය.
කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 45 ක් පමණ වාර්තා වූ අතර කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට මී උණ රෝගීන් 120 ක් පමණ වාර්තාවී තිබේ.
මෙසේ මී උණ වැඩිවීමට දිස්ත්‍රික්කය පුරා පුරන් කුඹුරු නැවත අස්වැද්දීමද හේතුවක් වී ඇති බවද ,පසුගිය කාලයේ මී උණ රෝගයට ගොවියන්ට භාවිතා කිරීම සඳහා ලබා දෙන බෙහෙත් වල හිඟයක් පැවතියද මේ වන විට එම බෙහෙත් ලැබී ඇති බැවින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් මගින් එම බෙහෙත් ගොවියන් වෙත ලබාදීමට කටයුතු සලසා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එසේම කුඹුරු වැඩ වල නිරතවීමේදී තුවාල තිබේ නම් එම කටයුතු වලින් ඉවත්වීමටත්,දිය කඩිති,ඇළ දොළ වලින් ඇඟ සේදීම හෝ ස්නානය කිරීම නොකරන ලෙසත් ,කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගේ මෙහෙය වීමෙන් දිස්ත්‍රික්කය පුරා මී උණ සහ ඩෙංගු රෝග පැතිරීම පාලනය කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවත් වෛද්‍ය ප්‍රසාද් ලියනගේ මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කළුතර මී උණ පැතිරයාමේ අවදානමක්