(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර උතුර දෙදියවල සල්ගස් වත්ත මාවතේ ඇළඉවුර අසල තිබී අද (11) ජීව අත්බෝම්බයක් හමුවී ඇති බව කළුතර උතුර පොලිසිය කියයි..
දෙදියවල ශී‍්‍ර සුදර්ශනාරාම ධර්මාරාම පිරිවෙන් පුරාණ මහා විහාරය ඉදිරිපිට ඇති ඇළ මාර්ගයේ කිරිමැටි කපමින් සිටි අයෙකු දැක පොලිසිය දැනුවත් කිරීමෙන් පසු ස්ථානයට පොලිස් ආරක්‍ෂාව යොදා තිබිණි.
බෝම්බය නිෂ්ක්‍රීය කිරිම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කර ඇති බවත් කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්කී‍්‍රය කණ්ඩායම දහවල් වනවිට පැමිණීමට නියමිත බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කලක් යුද්ධ හමුදාව භාවිතා කළ ජේ ආර් (82-2) වර්ගයේ අත්බෝම්බයක් බව පොලිස් නිලධාරියෙකු ප‍්‍රකාශකළ අතර එහි ආරක්‍ෂක ඇණය (සේෆ්ටි පින් එක) ගැලවී ගොස් තිබු අයුරු දැකගත හැකිවිය.

2025 දෙසැම්බර් මස 18
28
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර ඇළ ඉවුරකින් ජීව අත්බෝම්බයක් සොයා ගනී