( දිල්රුක්ෂි ග්‍රේරු)
මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියේ කළුගඟ වැඩ බිමෙහි ට්‍රැක්ටර්යක් පෙරැළිමෙන් අද (04) සිදු වූ අනතුරකින් එහි රියදුරු මියගොස් ඇතැයි ලග්ගල පල්ලේගම පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ ලග්ගල පදිංචි දෙදරු පියෙකි.
කළුඟග ජලාශයේ වේල්ල ආශ්‍රිතව සේවයේ නිරතව සිටියදී මෙම අනතුර සිදු වී ඇතැයි පොලීසිය.
අනතුර සිදු වූ අවස්ථාවේදීම ඔහු රෝහලට ඇතුළු කලද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ලග්ගල පොලීසිය පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd