
(ජේ.කේ.එල් චාමින්ද)
කහ සදහා මේ දිනවල ඉහළ මිලක් ලැබීම නිසා ඇතැම් කහ ගොවීහු වෙළද පොළේ මෙන්ම මහමගද නොමේරු කහ ගලවා අලෙවි කරමින් සිටිති.කහ මෝරන්නටත් පෙර ළදරු අවදියේ දි ඇතැම් ගොවීහු අලෙවි කරති.
මේ නිසා නියමිත ප්‍රමිතියෙන් යුතු කහ පාරිභෝගිකයින්ට මිලදි ගැනීමට නොහැකිවී ඇති බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
වැවිලිකර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි මේ පිළිබද අදහස් දක්වමින් මෙසේ කීවේය.
"මේ වතාවේ අපිට විශාල කහ අස්වැන්නක් ලැබෙමින් තියෙනවා. ඒ හරහා අපිට වාර්ෂිකව කොටි 150ක විදේශ විනිමයක් ඉතිරිකරගැනිමට හැකිවුනා. දේශීය කහ අවශ්‍යතාවයෙන් තවමත් අපිට සපුරා ගැනීමට හැකිවෙලා තියෙන්නේ 50%ක 60%ක අවශ්‍යතාවයක්. නොමේරු හා ළදරු අවදියේ දි කහ ගලවන්න එපා කියා අපි ගොවින්ගෙන් ඉල්ලා සිටිනවා. කහ අස්වැන්න ලබා ගැනීමට මාස 09ක් ගත වෙනවා. කහ අල මෝරනකම් ගලවන්න එපා. එහෙම වුනොත් ගොවීන්ට කහවගාවෙන් සම්පුරණ අස්වැන්න ලබාගැනීමට නොහැකිවෙනවා. ඉදිරි කන්නයේ දි බිජඅල සපයාගැනීමේදිත් ගැටළුවක් ඇතිවෙනවා" යැයිද අමාත්‍යවරයා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කහ මිල ඉහළයාම නිසා නොමේරු කහ ගලවා විකුණති