පාලිත ආරියවංශ
බදුල්ල කෙහෙල්ඇල්ල ගම්මානය භීතියට පත් කරමින් දේපොළවලට හානි කරමින් හැසිරුණු බව කියන හය දෙනෙකු ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය හත් වැනි දා රාත්‍රී ගම්වාසීන් භීතයට පත් කරමින් ඔවුන්ට තර්ජනය කරමින් සිටි බව කියම මෙම පිරිස වාහන කිහිපයකට සහ නිවාස දෙකකට ද ගල් ප්‍රහාර එල්ල කර තිබුණු බව පොලිසිය සඳහන් කරයි.
මේ සිද්ධියෙන් පසු එම ගම්මානයකට පැය 24 ක කාලයක් පොලිස් ආරක්ෂාව යොදවා තිබිණ.
සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්දැයි සොයා බලන බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.