IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුහුඹු විශේෂයක් නිසා ගාල්ලේ ගම්වාසීන්ට කරදර

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුන්ද කන්ද රක්ෂිතයේ වෙසෙන කුහුඹු විශේෂයක් රක්ෂිතය අවට ගම් වලට විශාල වශයෙන් පැතිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ඇති වී ඇතැයි බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා පවසන්නේ රක්ෂිතයේ ගස්වල සිටි කළු පැහැති කුඩා කුහුඹු විශේෂයක් මෙසේ අවට නිවාස වලට තර්ජනයක් වන අයුරින් පැතිරෙන්නට පටන්ගෙන ඇතැයි බවයි. ලබුදූව ප්‍රදේශයේ නිවාස වලටත් කුහුඹුවන් පැතිරෙන්නට පටන්ගෙන ඇතැයි තමාට වාර්තා වූ බව ඒ මහතා තවදුරටත් පැවසීය.මෙවැනි කුහුඹු විශේෂයක් මීට පෙර තේ ඉඩම් වල සිටි බවට වාර්තා වූ බවත් ලලින්ද ගමගේ මහතා පවසයි.

කුහුඹුවන් ගමන් කළ පාරවල් බිත්ති පුරාම දක්නට ලැබෙන බවත්  නිවාස අහුමුළුවල පොදිගැසී සිටින බව ද  ගම්වැසියෝ පවසති.

මේ සම්බන්ධව හික්කඩුව වනජීවී කාර්යාලයට දැන්වූ විට එහි නිලධාරීන් පැමිණ පරීක්ෂා කර ඇති අතර කෘමිනාෂක වර්ගයක් භාවිතා කර සතුන් විනාශ කළ හැකි බවත් ඒ සඳහා වාර්තාවක් සකස් කර තමන් වෙත යොමු කරන බව දැන්වූයේ යැයි ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.   ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේ ද පැවසීය.

කුරුන්ද කන්ද සහ කුරුන්ද ග්‍රාමසේවක වසම් වල නිවාස විස්සකට තිහකට පමණ මේ කූඹි තර්ජනය තියෙනවා. වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඇවිත් මේ ගැන පරීක්ෂා කළා. කෘමිනාෂකයක් මගින් සතුන් විනාශ කරන්න පුළුවන් කියලා ඔවුන් පැවසුවා. ඒ සඳහා වැඩ කුලියත් සමඟ රුපියල් ලක්ෂයක් පමණ වියදම් වනු ඇති බවත් ඇස්තමේන්තුවක් සකස් කර එවන බවත් ඔවුන් පැවසුවා.

 

 

 

 



අදහස් (2)

කුහුඹු විශේෂයක් නිසා ගාල්ලේ ගම්වාසීන්ට කරදර

don Monday, 15 May 2017 11:06 AM

මෙයට විසදුම කූබි විනාෂ කිරිම නොව.. ලුණු කුඩු ඉසිමෙන් කුහුබුවන් පලවාහරින්ට හැකිය ඔවුන් ගැවසෙන ස්ථාන වලට ලුණු කුඩු ඉසින්න ......

:       0       3

lalith Tuesday, 16 May 2017 06:41 PM

දැනට අල්ලලා තියාගන්න. උද්ඝෝෂණ කාරයෝ යනකොට මුදා හරීන්න. එච්චරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site