
(ශාන්ත චන්ද්‍රසිරි)
කොටගල නගරයේ සිට ගම්පොල ප්‍රදේශයට රැගෙන යමින් තිබු කසළ තේ කුඩු කිලෝ 2300 ක තොඟයක් අද (15) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කසළ තේ කුඩු තොඟය සමග සැකරුවන් දෙදෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කසළ තේ කුඩු තොඟය රැගෙන ගොස් ගම්පොල ප්‍රදේශයේදී හොඳ තේ කුඩුවලට කවලම් කර අලෙවි කිරීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.
කලක පටන් මොවුන් මෙම ජාවාරමේ නිතරතව ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කසල තේ කුඩු තොඟය නීතිමය කටයුතු සිදුකර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිඹුල- පතන පොලීසියට භාරදීමට පියවර ගත් බවත් පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd