(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
පුත්තලම මුක්කුතොඩුවාව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක කුස්සියේ පෝරණුව මත සිට සෙල්ලමි කරමින් සිටි දරු දෙදෙනෙකුගෙන් එක් දරුවෙකු ඉන් බිමට වැටි මියගොස් ඇතැයි මුන්දලම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හත් හැවිරිදි පසිදු ආලෝක නමැති දරුවෙකි .
මෙම දරුවාගේ මව්පියන් නිවසින් පිටතට යන අවස්ථාවල දි දරුවා අසල්වැසි නිවසක රවටා යාමට පුරුදුව ඇති අතර ඊයේ ( 21 ) සවස ද දරුවා එලෙසින්ම එම නිවසෙහි රඳවා ගොස් ඇති බවත් කියයි.
එහිදි දරුවා එම නිවසේ වෙසෙන තවත් සම වයසේ දරුවෙකු සමඟ සෙල්ලමි කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
මිය ගිය දරුවාගේ සිරුරෙහි කිසිදු බාහිර තුවාල ලකුණු නිසිවක් දක්නට නොවු අතර දරුවාට හදිසියේ වැළදී ඇති හෘද අමාරුවකින් මෙම මරණය සිදු වන්නට ඇති බව සැක කළ හැකි බවත් පොලිසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර




2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුස්සියේ පොරණුවෙන් වැටී දරුවෙක් මරුට