IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෙසෙල් වගාවක් මැද නිදන් හැරූ 3 ක් අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)

සුරියවැව සමාජසේවාපුර කෙසෙල් වගාවක් තුළ ඉතා රහසිගත ලෙස නිධානයක් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු සුරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරියවැව සමාජසේවා පුර ප්‍රදේශයේම පදිංචි 49,44 හා 32 වයස්වල පසුවෙන සැකකරුවෝ තිදෙනෙකි..

සැකකරුවන් තිදෙනා දින කිහිපයක් තිස්සේ පුද පුජා පවත්වමින් විටින් විට නිධානයක් ගැනීම සඳහා මෙම ස්ථානයේ අඩි 15ක පමණ යටට වලක් හාරා තිබේ.

සුරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ලද තොරතුරකට අනුව අද (10) සිදු කළ වැටලීමකදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් තිදෙනා සමඟ උදලු දෙකක්,වතුර මෝටරයක්,වයර් කෝඩ් එකක්,තාච්චි දෙකක්, ගල් විදින කටුවක්, පුද පුජා භාණ්ඩ රැසක්ද එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටපත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා සුරියවැව පොලිසියට බාර දී ඇති අතර සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

කෙසෙල් වගාවක් මැද නිදන් හැරූ 3 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site