IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කසල තේ කිලෝ 6000ක් සමග දෙදෙනක් අත්අඩංගුවට

 

(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්තිරත්න)


කොළඹ සිට මාතලේ වසා දමා ඇති තේ කර්මාන්ත ශාලාවක් වෙත රැගෙන එන ලද කසල තේ කිලෝ 6000 ක් සමග ලොරි දෙක් හා සැකකරුවන් දෙදෙනෙකු අද(23) වන දින අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිස් කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය පවසයි.

කසල තේ කොල හොද තේ කොළ සමග කවලම් කර විදේශයන් වෙත අපනයන කිරිමේ අරමුණින් මෙම තේ කොළ තොගය මාතලේට රැගෙන එන අවස්ථාවේදී මාතලේ අලුවිහාරේ බිරිදෙවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගවට ගත් මෙම සැකකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදීද මෙසේ කසල තේ ප්‍රවාහනය කිරිම සම්බන්ධව අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය කියයි.

මාතලේ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ නියෝගය මත මාතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතාගේ මෙහෙයවිමෙන් මාතලේ කොට්ඨාස අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පිරික්ෂක වල්පොල මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් සමග අදාළ නඩු භාණ්ඩ මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

අදාළ සැකකරුවන් සමග මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (0)

කසල තේ කිලෝ 6000ක් සමග දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site