IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කසල අංගනයට විරෝධය පාමින් පිරිසක් දුම්රිය මග හරස් කරති

(සටහන ජායාරුප - ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පුත්තලම  රෝවන් පෙරේරා)
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (17) දින අරුවක්කාඩු දුම්රිය මාර්ගය හරස් කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දුම්රිය ගමනා ගමනයට පැය හතරකට ආසන්න කාලයක් බාධා එල්ල වූ බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.


 මෙසේ අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වන පිරිස් විසින් හරස් කර තිබුනේ පුත්තලම පාලවියේ සිට අරුවක්කාඩු හුණු ගල් කොරියට හුණු ගල් ප්‍රවාහනය කිරීමට පුද්ගලික සිමෙන්ති සමාගමක් භාවිතා කරන දුම්රිය මාර්ගය බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.


 කුඩා දරුවන්, කාන්තාවන් , ඇතුළු 200 කට ආසන්න පිරිසක් මෙම දුම්රිය මාර්ගය පුත්තලම මනල්ගුන්ඩුව ප්‍රදේශයේදි හරස් කර තිබුනී.


 අරුවක්කාඩු දුම්රිය මාර්ගය හරස් කිරීම නිසා පුද්ගලික සිමේන්ති සමාගම විසින් එම සමාගමට අයත් දුම්රියේ හුණුගල් ප්‍රවාහය සම්පුර්ණයෙන් නැවති තිබුණි.


 පසුව අදාල ස්ථානයට පුත්තලම වැඩ බලන සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර මහතා සහ පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුනවර්ධන මහතා ඇතුළු නිළධාරින් පැමින විරෝධතා කරුවන් ඉවත් කිරීමට උත්සහ ගෙන තිබුන ද විරෝධතා කරු
වන් පවසා තිබුනේ මේ සදහා වග කිව යුතු අයකු පැමින තමන්ට පිළිතුරක් ලබා දෙන තුරු ඉවත් නොවන බවයි.


 කෙසේ නමුත් එම ස්ථානයට පැමිනි පුත්තලම දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් විරෝධතා කරුවන්ට පවසා සිටියේ
“ මේ දුම්රිය මාර්ගය හරස් කිරීම සුදුසු දෙයක් නොවෙයි. මොකද මේ දුම්රිය මාර්ගය ඉන්සි සිමෙන්ති සමාගමට අයිති පුද්ගලික දුම්රිය මාර්ගයක් . මේ නිසා ඔබ සමග මම එකගයි අරුවක්කාඩුවට  කසල දමන විරෝධයට . නමුත් එය කල මේ දුම්රිය මග හරස් කිරීමේන් පලක් නැහැ. නමුත් මේ මස 27 වෙනිදා ඉන්සී සිමේන්ති සමාගමෙ සාඛජ්ජාවක් කැදවා තිබෙනවා . ඒ සදහා සියලු පාර්ශව එකතු කරගෙන ඒ සදහා කල යුතු  ක්‍රියා මාර්ග එදිනට ගමු දැනට මම ඔබට දැනුම් දෙන්නේ ඒ කරුණ මොකද මේ කසල අංගනයට මුලින්ම විරෝධය පැවේ මම අදටත් එය එකගයි‘‘ යනුවෙනි.


 ඉන් අනතුරුව විරෝධතා කරුවන් ඉවත් විම සිදුවිනි.



අදහස් (0)

කසල අංගනයට විරෝධය පාමින් පිරිසක් දුම්රිය මග හරස් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 172 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 370 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 380 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site