(රංජිත් රාජපක්ෂ )
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් අද (09) උදෑසන සොයා ගත් බව නොර්වුඩ් පොලිසිය කියයි.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ බොක්කුවක් යට තිබි මෙම සිරුර සොයාගෙන ඇත.
එම බෝක්කුව යට කාන්තා මළ සිරුරක් තිබෙන බවට නොර්වුඩ් පොලිසියට ලද ඇමැතුමක් ඔස්සේ ගිය පොලිසිය මෙම සිරුර සොයාගෙන ඇත.
කිව් වතුයායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා මෙම ඇළ මාර්ගයේ ප්‍රධාන වශයෙන් ජලය ගලා නොබසින අතර,මෙම කාන්තා මල සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිසිය සැකකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd