(ඩී.කේ.රත්න)
හල්දුම්මුල්ල කොස්ලන්ද දියලූම රක්ෂිතයේ අද (23) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර සියයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.
මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ ඉතා වටිනා ඖෂධ පැලෑටි රාශියක් වටිනා ශාක විශේෂ රැසක් සහ සත්ව විශේෂ රැසක් ද විනාශ වෙන්නට ඇතැයි පොලීසිය කියයි.
කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි.
කොස්ලන්ද පොලීසිය දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය මත මෙම ගින්න නිවා දමා තිබේ.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් දයාසිරි මහතාගේ අධීක්ෂණය යටතේ මෙම රක්ෂිතයට ගිනි ලැබූ පුද්ලයින් සොයා පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොස්ලන්ද රක්ෂිතයේ ගින්නකින් අක්කර 100 ක් විනාශයි