(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කැස්බෑ මස් කිලෝ 3 යි ග්‍රෑම් 500 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකුට රුපියල් 40,000 දඩ මුදලක් පුත්තලම මහේස්ත්‍රාත් නිර්මාල් ද සිල්වා මහතා අද (4) නියම කළේය.
මෙසේ දඩ මුදලක් නියම වුයේ වනාතවිල්ලුව පරන එළුවන්කුලම අරුවක්කාඩු ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.ප්‍රියන්ත නැමැති පුද්ගලයෙකුටය.
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ එළුවන්කුලම උද්‍යාන පිවිසුමේ වන ජීවි නිලධාරීන් අදාල සැකකරුව අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නිවස පිටුපස කැස්බෑ මස් ව්‍යාංජනයක් සකස් කරමින් සිටියදීය.
කැස්බෑ මස් ධීවර යාත්‍රාවකින් තමන්ට ලැබුණ බව සැකකරු වන ජිවි නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති අතර පසුව වන ජීවි නිලධාරීන් සැකකරුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd