කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 20 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් එක්ව අද කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු කැබ් රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එය පරීක්‍ෂා කිරීමේදී පාර්සල් 10 ක අසුරා තිබූ මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත.
කැබ් රථයේ සිටි සැකකරුවන් වයස අවුරුදු 40 සහ 42 වන වියෙහි පසුවන පුත්තලම සහ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා, කැබ් රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.