IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කල්ලාරු නඩු තීන්දුව ආත්මාර්ථකාමී දේශපාලුවන්ට මරු පහරක්

 

(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
 
තම තමන්ගේ ආත්ම ලාභය වෙනුවෙන් රටේ ස්වභාවික සම්පත් විනාශ කරන, ආත්මාර්ථකාමී දේශපාලූවන්ට, ව්‍යාපාරිකයන්ට, කල්ලාරු විනාශකළ රිෂාඞ් බදියුදීන් නම් දේශපාලකායට දුන් තීන්දුව අතිශයින් වැදගත් යැයි දක්‍ෂණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ අද (17) පැවසූහ.
 
ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී අදහස් දැක්වූ ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද සඳහන් කළහ.
 
"කල්ලාරු රක්‍ෂිතයේ අක්කර සිය ගණනක් විනාශ කිරීම සම්බන්‍ධයෙන් රිෂාඞ් බදියුදීන් නැමැති හිටපු ඇමතිවරයාට, වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාට, දේශපාලනඥයාට එරෙහිව අභියාචනාධිකරණය විශේෂ තීන්දුවක් දීලා තියනවා. ඒ නඩු තීන්දුව අපි අතිශයින් අගයකොට සලකනවා. මේ රටේ ස්වභාවිත සම්පත් තමන්ගේ ආත්ම ලාභය වෙනුවෙන් විනාශ කරන ආත්මාර්ථකාමී දේශපාලනඥයන් ඇතුලූ ව්‍යාපාරිකයන්ට එරෙහිව දෙන ලද ඒ තීන්දුව ඓතිහාසිකයි. අතිශයින් වැදගත්.
 
එසේ විනාශ කරන ලද අක්කර සිය ගණන තමන්ගේ මුදලින් යළි රෝපණය කරන ලෙස ද ඔහුට අධිකරණය නියෝග කර තිබෙනවා. ඔහුම  එම විනාශ කළ කැලෑව ඔහුගේ වියදමින් නැවත වගා කරන්නැයි අභියාචනාධිකරණය නියම කරලා තියනවා. එය අතිශයින්ම වැදගත් නඩු තීන්දුවක්. දීග නිකායේ කූඨ දන්ත සූත‍්‍රය එම නඩු තීන්දුවට යොදාගෙන තිබෙනවා.
 
රටේ සෞභාග්‍යයට හේතුවෙනවා යැයි යම් යම් ගුප්තවිද්‍යාධාරීන්, ගුප්තවිද්‍යා විශේෂඥයින් සත්ව බිළිපූජා පවත්වන්න කියලා උපදෙස් රජුන්ට දෙනවා. බුදුරජාණන් වහන්සේ එය ප‍්‍රතික්‍ෂෙප කළා. ඒ වගේම ඒ සත්ව බිලිපූජා පවත්වනවිට විශාල ගස්කොළන් ප‍්‍රමාණයක් කපන්නත් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ යූපස්ථම්භ ඉදිකිරිම සඳහා කියලා. ඒ කියන්නේ යාගයට අවශ්‍ය මඩු ආදිය ඉදිකිරිමට විශාල කැලෑවක් කැපෙනවා. ඒක තමයි ඒ යුගයේ පැවති චාරිත‍්‍රය. අදත් මේ වගේ චාරිත‍්‍ර ලෝකයේ පවතිනවා. මිත්‍යා විශ්වාස පදනම් කරගෙන් සත්ව බිලිපූජා, කැලෑ කැපීම් ආදි මිත්‍යා චාරිත‍්‍ර බුදුරජනාණන් වහන්සේ කූඨදන්ත සූත‍්‍රයෙන් ප‍්‍රතික්‍ෂෙප කරනවා.

මෙම ඉතිහාසගත නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමේදී කූඨදන්ත සුත‍්‍රයද පාදක කරගැනීම සම්බන්‍ධයෙන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලටම අපි කෘතවේදිත්වය පුදකරනවා.  අපි ගන්නා තීන්දුව අපේ ආගමට කොයිතරම් එකඟවේද යන්න නොව තීරණය කළයුත්තේ එම තීරණය සමස්ථ ජනතාවට කොයි ආකාරයට බලපාවිද,
සංවේදී වේවිද යන්නයි.

 

දේශපාලනඥයෙක් වුනත් විද්‍යාඥයෙකු වූ තිස්ස විතාරණ මහතා පසුගියදා කියලා තිබුණා කොරෝනා සම්බන්‍ධයෙන් බුද්ධිමත් තීරණ නොගත්තොත් එය පැතිර යනු ඇතැයි කියලා. ඒ නිසා අපි රජයට කියනවා කොරෝනා වෛරසයට මුහුණ දීමේ ක‍්‍රමය දේශපාලනයට පදනම්ව නෙමෙයි කළ යුත්තේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්‍ෂාව සැලකිල්ලට ගෙනයි. එපමණක් නෙමෙයි, අනාගත පරපුරට එයින් ඇතිවිය හැකි අනතුර වළක්වාලන විදියට.
දේශපානඥයින් වැඩිපුර ක‍්‍රියා කරන්නේ බලය ලබාගැනීමට සහ ලබාගත් බලය තහවුරු කර ගැනීමටයි.

ඒ නිසා එකිනෙකා සතුටු කරවන තින්දු තීරණ වලටයි ඔවුන් යොමු වෙන්නේ. අද අපි මේ විදින්නේ දේශපාලනඥයින් රට ගැන නොසිතා ඡන්ද ගැන සිතා තීන්දු තීරණ ගැනීමේ ප‍්‍රතිඵලයි. ඒ නිසා අපි මේ වෙලාවේ කියනවා මේක ඡුන්ද දිනාගන්න වෙලාවක්වත්, එකඑක්කෙනාට වරප‍්‍රසාද දීලා සිත් දිනාගන්න වෙලාවක්වත් නෙවෙයි. ඡුන්දය එකතු කරන්න වෙලාවක් නෙමෙයි. දේශපාලන නායකත්වය හැම දෙනාම එකට එකතුවෙලා කොරෝනා සතුරාට එරෙහිව අනාගත පරපුර ගැන සිතා කටයුතු කිරිමයි කළ යුත්තේ.

'දීඝං පස්ස මාරස්සං' දුරදිග බලා කටයුතු කරන්න කියන බුද්ධ දර්ශනය පෙන්වා දෙනවා. මෑතකදී ලැබෙන ලාභය ගැන නෙවෙයි ඈතදී ලැබෙන නුවන වෙනුවෙන් කාගේත් යහපත වෙනුවෙන් ක‍්‍රියා කරන්න. යම් වරදක් මේ කොරෝනා වෛරසය සම්බන්‍ධයෙන් අනුගමනය වුනොත්, යම් ආසාදිත තතත්වයක් වඩා වර්ධනය වුනොත්, එය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයො කියලවත්, අල්ලා දෙවියන්ගේ ශ‍්‍රාවකයෝ කියලවත්, එහෙම නැත්නම් මහ බලවත් බ‍්‍රහ්මයාගේ හෝ වෙනත් දෙවියන් වහන්සේ කෙනෙකුගේ ශ‍්‍රාවකයන් කියලා කිසිදු භේදයක් නෑ, එහි විපාක වි`දින්න සියලූම දෙනාට සිද්ධ වෙනවා" යැයිද සෝභිත හිමියෝ කීහ.

 



අදහස් (0)

කල්ලාරු නඩු තීන්දුව ආත්මාර්ථකාමී දේශපාලුවන්ට මරු පහරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site