(පද්මා කුමාරී කංකානම්ගේ )
ආන්දන් කන්නිය ප්‍රදේශයේ රජයේ ඉඩමක ප්‍රදේශයේ නොවන ජනතාවක පදිංචි කොට ඇති බවත් එහි නිවාස යෝජනා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් පවසමින් ආන්දන් කන්නිය ජනතාව අද (30) උද්ඝෝෂණයක නිරත වූහ.
කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගය ගමනාගමනයට බාධා වන අයුරින් ආන්දන් කන්නිය ප්‍රදේශයේන් අවහිර කොට පිරිස උද්ඝෝෂණයේ නිරතවූහ.
ආන්දන් කන්නියේ ඉඩම් අහිමි පවුල් රැසක් සිටින බවත් පර්චස් 10 ක වැනි කුඩා ඉඩමක ඔවුන් ජීවත් වෙන බවත් එම නිසා දැනට ඉතිරිව තිබෙන පර්චස් 50 ක රජයේ ඉඩම ප්‍රදේශයේ දිළිදු ජනතාවට බෙදා දෙන ලෙස උද්ඝෝෂණයේ නිරත පිරිස් පැවසූහ.
මේ අවස්ථාවට කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී එම් නජිමුඩීන් මහතා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එස්.සලාහුදීන් යන අය පැමිණ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝම රත්න මහතා සමඟ සාකච්ඡා කොට පිළිතුරක් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියහ.
මේ පිළිබඳව විමසා බැලීමට කල්පිටිය ප්‍රදේශීය ලේකම් නන්දන සෝම රත්න මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැක්විය.



2025 දෙසැම්බර් මස 04
491
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කල්පිටිය - පාලවිය මාර්ගය අවහිර කර පිරිසක් උද්ඝෝෂණයක