( සිතුම් චතුරංග)
කිලිනොච්චිය නගරයේ දෙමහල් නිවසක අද (29) අලුයම ඇතිවූ ගින්නකින් එහි එක් මහලක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවූ බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
නිවැසියන් නිදා සිටියදී ගින්න හටගෙන තිබූ අතර ගින්නෙන් කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති බවද පොලිසිය සඳහන් කළේය.
ගින්න පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව වහා ක‍්‍රියාත්මකවූ කිලිනොච්චිය යුද හමුදාව හා ගුවන් හමුදාව පැයක පමණ කලයක් මහත් පරිශ‍්‍රමයක්දරා ගින්න මැඩපැවැත්විය.
කිලිනොච්චිය පොලිසිය පැවසූයේ ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට සැක පළකරන අතර ගින්නෙන් වූ විනාශය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැති බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විරෝදාර රණවිරුවන්ට තුති කවුරු මොනවා කීවත් ඔබතුමන්ලා තවමත් උතුරු නැගෙනහිර හා මුළු රට වටේම කරන සේවය ඉතාම උදාරයි ඔබලාට තෙරුවන් සරණයි