(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පන්නංකට්ටිය ප්‍රදේශයේ නිවාස හා වෙළඳසැල් කොල්ල කෑමට පැමිණි පිරිසක් අද (28) අලුයම ගම්වාසීන් කොටුකර ගැනීමට සැරසීමේදී එම කල්ලිය පැමිණි යතුරුපැදියක් හා කඩු ආදිය දමා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
පසුගිය දින කිහිපයේදී කිලිනොච්චියේ වෙළඳසැල් 30 කට අධික ප්‍රමාණයක් කොල්ල කා මුදල් හා ජංගම දුරකතන රැගෙන ගොස් ඇති අතර, සී.සී.ටී.වී. ඇති වෙළඳසැල්හි විදුලිය විසන්ධි කර කොල්ලකෑම් සිදු කර ඇති බවට අනාවරණය වී තිබිණි.
මේ හේතුවෙන් අවධානයෙන් සිටි ගැමියන්ට අද අලුයම 2 ට පමණ කිලිනොච්චිය පන්නංකට්ටිය ගම්මානයට පැමිණි මෙම කොල්ල කල්ලිය දැක ගම්වාසියෙකු කෑගැසීමෙන් අවට පිරිස් එම අවස්ථාවේදීම රැස්ව ඔවුන් ලුහුබැඳ ගියද ආයුධ සහ ඔවුන් පැමිණි යතුරු පැදිය දමා ඔවුන් පලා ගොස් තිබේ. පැන ගිය පිරිස සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd