IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කැලණි සරසවියේ ආරක්ෂිත කැමරා පද්ධතියගැලවු බව කියන තවත් අයෙක් ශරීර ඇප මත මුදා හරි

( කවිතා සුබසිංහ )

කැලණිය සරසවියේ ආරක්ෂිත  කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසුව රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක්  මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතාඅද (19 )වැනි දා නියම කළේය.

කැළණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන තීක්ෂණ මදුශාන් ලියනපතිරණ නැමති අයකු මෙලෙස ඇප මත මුදා හැරිණ.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් ට ඇප ලබා දී තිබිම හා රටේ පවතින වත්මන් තත්වය යන කරුණු සැලකිල්ලට ගනිමින් දැඩි අවවාද මත සැකකරු ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැප්තැම්බර් මස 08 වැනි දා නඩුව නැවත කැදවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

කිරිබත්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක යාපා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 18 වැනි දා සැකකරු අත්අඩංගුවට ගෙන 19 වැනි දා අධිකරණ වෙත ඉදිරිපත් කර තිබිණ.

විත්තිය වෙනුවෙන් නීතිඥ මහේෂ් පොතුවිල මහතා සහ නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටියහ.



අදහස් (1)

කැලණි සරසවියේ ආරක්ෂිත කැමරා පද්ධතියගැලවු බව කියන තවත් අයෙක් ශරීර ඇප මත මුදා හරි

lusena Friday, 19 June 2020 05:15 PM

මොහුගේ ශිෂ්‍යභාවය සම්පුර්ණයෙන් අහෝසි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site