(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන ගෝනපොළ නාගහගොඩවත්තපාර අසළ පාලු ඉඩමක දමාගොස් තිබූ කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගත් බව මොරගහහේන පොලිසිය කියයි.
වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා ඇති වූ දුර්ගන්ධයත් සමග විමසිලිමත් වූ ගම්වාසීන්ට මෙම ඖෂධ හමු වූ බවත්, ඉඩම් හිමිකරු කළ පැමිණිල්ලකට අනුව ඒවා සොයාගත් බවත් පොලිසිය පවසයි.
මෙම ඖෂධ ඉකුත් පෙරබවාරි මාසයට කල් ඉකුත්ව ඇති බවද පොලිසිය කියයි.
මෙම ඖෂධ අතර, පණු රෝගයට ලබාදෙන මිලෙන් අධික ඖෂධ සහ හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ ද වන බව කලුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය. ඒ මහතා මෙසේද කීය.
“ඖෂධ මෙලෙස බැහැරකිරීම නීතිවිරෝධීයි. අපි මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නවා” යැයි ඔහු පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දකින කොට ඇතිවෙන වේදනාව කියන්න වචන නැ. බෙහෙත් පෙතක් ගන්න සල්ලි නැතිව ලෙඩ්ඩු මැරෙනවා. ලෝකෙන්ම හිග කල ණය අරන් නුපන් පරම්පරාවත් ලෝකෙටම ණය කරලා මේ කරන අපරාද වලට දෙන දඩුවම මොකක්ද..?
බලපල්ලා දතා ඔය පැත්තේ ගියාද කියලා .....