කේරළ ගංජා තොගයක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයෙක් යාපනයේ කයිට්ස් හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කංචදේව ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මාර්ගයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අයත් නිලධාරී පිරිසක් සැකකටයුතු ලෙස පැමිණි යතුරුපැදිකරු නවත්වා පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය ඔහුගේ ගමන් බෑගයේ තිබී හමුවී තිබේ.
එහිදී ඔහුගේ ගමන් මල්ලේ තිබී කේරළ ගංජා ක්‍රලෝ ග්‍රෑම් 02 ක්, රුපියල් 4,610 ක මුදලක් ද ප්‍රවාහනය සඳහා භාවිතාකළ යතුරුපැදිය ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා, කේරළ ගංජා තොගය, මුදල් සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.
(36698)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd