රස්නායකපුර, කඩිගාව ප්‍රදේශයේදී අද(15) කළ සෝදිසි කිරීමකදී යතුරු පැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව කඩිගාව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.355 ක් ඔවුන් සතුව තිබවී නාවික හමුදා බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයින් වීරපොකුණ සහ මිරිහේනේගම ප්‍රදේශයන්හි පදිංචි 25 සහ 40 හැවිරිදි පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.
එම පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයවිසින් රස්නායකපුර, පොලිසිය වෙත භාර දී ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.