IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කේරළ ගංජා රැගෙන ක්‍රීඩා තරග බලන්න ආ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

(මොහොමඩ්  ආසික්)

පූජාපිටිය අඹතැන්න ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලක නිවාසාන්තර ක්‍රීඩා තරඟය නැරඹීම සඳහා පැමිණ සිටි වෙනත් පාසැල් දෙකක සිසුන් දෙදෙනෙකු කේරළ ගංජා සමඟ අද(06) අත්අඩංගුවට ගත් බව පූජාපිටිය පොලිසිය කියයි.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා මිලිග්‍රෑම් 1530ක ප්‍රමාණයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා වෙනත් පාසැල් දෙකක ඉගෙනුම ලබන වයස අවුරුදු 16  සහ  17  වයස්වල පසුවන සිසුන් බවද පොලීසිය කියයි.

මේ දිනවල පැවැත්වෙන පාසැල්වල නිවාසාන්තර ක්‍රීඩා තරඟ සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කර ඇති අතර,  සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී මෙම සිසුන් ද පරීක්ෂා කර ඇත.

එම සිසුන් දෙදෙනාගෙන් එක් අයකු සතුව කේරළ ගංජා මිලිග්‍රෑම් 770 සහ අනෙක් සිසුවා ළඟ කේරළ ගංජා මිලිග්‍රෑම් 760 ද තිබී පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

සිසුන් දෙදෙනා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කේරළ ගංජා රැගෙන ක්‍රීඩා තරග බලන්න ආ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site