(ටී.කේ.ජී.කපිල)
රුපියල් එක් කෝටි විසි දෙලක්ෂයකට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් සිසිල් බීම ලොරියක සඟවා ගෙන යාපනය , වඩුක්කොඩෙයි ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබියදී අද (03) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කේරළ ගංජා ඉන්දියාවේ සිට මුහුදු මගින් යාපනය ප්‍රදේශයට ගෙනැවිත් එතැන් සිට මෙම ලොරි රථය මගින් වඩුක්කොඩෙයි ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි 19 හැවිරිදි සහ 24 හැවිරිදි තරුණයන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ලොරිය තුළ ගෝනිවල අසුරා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 122 ක් තිබී ඇති අතර ඒවා පිටතට නොපෙනෙන ආකාරයට සිසිල් බීම අසුරා තිබුණි.
මෙම තරුණයන් දෙදෙනා වඩුක්කොඩෙයි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට