IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කේරළ ගංජා තොගයක් කොල්ල කෑ 6ක් අත්අඩංගුවට

                                                
පද්මා කුමාරී කංකානම්ගේ    
                            
ඉන්දීය වල්ලමකින් කොල්ල කන ලද, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් පහක්, ඒ සඳහා යොදා ගත් ධීවර යාත්‍රාව, එන්ජිම, සැකකාරියක ඇතුළු සැකකරුවන් සය දෙනෙකු කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.   

සැකකරුවෝ කල්පිටිය කන්දකුළිය පදිංචිකරුවෝ ය.     

අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ලත් තොරතුරකට අනුව, මහ වැව මැද තොඩුවාව පාලු නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ පහ අත්අඩංගුවට ගෙන ඇත. 

                                 
මීට සතියකට ඉහත, තමන් ධීවර යාත්‍රා දෙකකින්, ධීවර කටයුතුවල නිරත වෙමින් සිටිය දී, ගංජා සහිත විශාල ගෝණි හතක් ප්‍රවාහනය කරමින් සිටි බවත්, එහි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු සිටි බවත් සැකකරුවන් පොලිසියට පවසා ඇත.                  

එම ධීවර පිරිස ඉන්දියන් ධීවරයන්ට තර්ජනය කොට, ගංජා සහිත බහාලුම් තම යාත්‍රාවලට පටවා තොඩුවාව පාලු නිවසක සඟවා තැබූ බවත් ලක්ෂ දෙසීයකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 200 ක් එහි තිබූ බවත් ඒවා කොටස් වසයෙන් පසුව අලෙවි කර ඇති බවත් හෙළි වී ඇත.                                         

එම මුදලින් මිලට ගත් ලක්ෂ 20 ක් පමණ වටිනා යාත්‍රා එන්ජිමක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.                                         

කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කේරළ ගංජා තොගයක් කොල්ල කෑ 6ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site