මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 78.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා නිලධාරීන් විසින් උතුරු මුහුදේ කළ මුර සංචාරයක් අතරතුරදී මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මඟින් මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කෙරේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd