(නිමල් අල්ගෙවත්ත, අමල් වික්‍රමරත්න)
ගාල්ල කරාපිටිය බස් නැවතුම වෙනත් ස්ථානයකට ගෙන යාමට විරුද්ධව කරාපිටිය පරිසර ප්‍රජා සංවර්ධන කේන්ද්‍රය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(15) කරාපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්විණි.
මෙහි දී උද්ඝෝෂකයින් කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනට බස් නැවතුම්පොළ ඇති ස්ථානයේ කඩ කාමර සාදා විකිණීමට එරෙහිව මෙසේ උද්ඝෝෂනයෙහි නිරත වන බවයි.
එහි මේ වන විට කඩ කාමර සෑදීම සඳහා සුදානම් වුවද බස් නැවතුමට කිසිදු ඉඩක් හෝ මේ වන තෙක් වෙන් කර නැති බවත් ජනතාවගේ ස්ථානයක් වන දහස් ගණනක් ජනතාව දිනකට පැමිණෙන මෙම බස් නැවතුම බේරා ගැනීම සදහා මෙසේ උද්ඝෝෂණයේ නිරත වන බවත් උද්ඝෝෂකයෝ කියා සිටියහ.



COMMENTS
බස් නැවතුම්පොල රැකගන්න ඉස්සර, කොහෙද ඇතිතරම් බස් තියෙන්නේ? බස් නැතුව මිනිස්සු හැමදාම මාර වදයක්නෙ විඳින්නේ, ඉතින් ඕක බස් නැවතුම හැදුවත්, ඒවායේ නියම විදිහට නතර කරන්නේ නැහැනේ? ඉතින් මොකටද තේරුමක් නැති ඔය උද්ඝෝෂණ?
මේ බස් ස්ටෑන්ඩ් එකෙන් මිනිස්සුන්ට හිරිහැරයි
නගරය අපිරිසිදු කරමින් අක්‍රමවත් අනාරක්ෂිත ධාවනයේ යෙදෙන බස් මෙතනින් ඉවත් කලයුතුමය. ගාලු බස් නැවතුම ප්‍රමාණවත්