දැනට රත්තොට කොට්ඨාසයේ පවතින වතුවල සේවය කරන පවුල් සඳහා මාසික වැටුපෙන් අයවන පරිදි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් වතු අධිකාරි මගින් ආරම්භ කර ඇත.මීට අමතරව රත්තොට හින්දු සහ මුස්ලිම් ආගමික මධ්‍යස්ථාන මගින් මේ වනවිට වතු ආශ්‍රීත ප්‍රජාවට අවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ බෙදා හැරිමේ කටයුතු සම්පාදනය කරමින් පවතී.මේ යටතේ විහාරගම වත්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම කඩිනමින් සිදුකරන අතර සෙසු වතු සඳහා කඩිනමින් අදාල කටයුතු සිදු කරනු ඇත.
එසේම රෝග ව්‍යප්තිය නවතා ලීම සඳහා පිට ප්‍රදේශවලින් වතු වෙත පැමිණෙන පුද්ගලයන් පිළිබඳව රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කඩිනමින් සොයා බලා කටයුතු සිදු කරයි.
නිශ්පාදන මිලදී ගැනීමේ කටයුතු ක්‍රමවත් කිරීම අනුව ගොවින්ගේ එළවළු සාධාරණ මිලට ගමට පැමිණෙන ජංගම රථ මගින් මිලදී ගැනීම සහ වියලි ගම්මිරස්,වියලි කරාඹු නැටි ආදිය මිලිදී ගැනීම පිළිබඳව මෙහිදි සාකච්ඡා විය.වසම් සඳහා දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස විහාරස්ථාන සහ ආගමික ස්ථාන යොදා ගැනීම සහ වසමට අවශ්‍ය ද්‍රව්‍ය පැමිණෙන වේලාව දැනුම් දීම සහ වෙනත් සම්බන්ධීකරණ කටයුතු සඳහා ආගමික ස්ථාන යොදා ගැනේ.
රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීහු,රත්තොට වෙළඳ ප්‍රජාව සහ වෙනත් ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්වූහ.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා මර්දනයට රත්තොට වැඩසටහන් රැසක්