(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට ලක් වූ ගාල්ල දිස්ත්‍රික් ජනතාවට රුපියල් කෝටි 145.6කට ආසන්න සහනාධාර මේ වන විට ලබා දී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කරයි. ඒ අනුව පුද්ගලයන් 44 476ක් සහ පවුල් ඒකක 246 770 ක් ඇතුළුව සහනාධාර ලබා ඇති අතර සමස්ත සංඛ්‍යාව 291 246ක් වේ.
මෙම සහනාධාර ඉතාමත් කඩිනමින් ජනතාවට ලබා දී තිබෙන අතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ මෙම සහන ජනතාව අතට පත් කෙරිණි.
මෙය කොටස් කිහිපයක් යටතේ ක්‍රියාත්මක විය. වැඩිහිටි පුද්ගලයන් 36871ක් සඳහා රුපියල් ලක්ෂ 1840ක් අබාධිත පුද්ගලයන් 6867දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 340ක් වකුගඩු රෝගින් වෙනුවෙන් පුද්ගලයන් 689කට රුපියල් ලක්ෂ 30ක් සහ වයස අවුරුදු 100 පිරුණු ජේෂ්ඨ පුරවැසියන් 69 දෙනෙකුට රුපියල් දෙලක්ෂ හතළිස් පන් දහසක මුදලක් මේ අනුව ලබා දී ඇත. සමෘද්ධි ප්‍රතිලාභින් සඳහා අදියර දෙකක් යටතේ රුපියල් 5000ක දීමනාවක් ලබා දී ඇති අතර ස්ථිර සමෘද්ධිලාභින් 81 400 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 4 070ක්, පොරොත්තු ලේඛනයට අදාලව සමෘද්දධිලාභී පවුල් 40 136 ක් සඳහා රුපියල් ලක්ෂ 2000ක් ගෙවා අවසන් කර ඇත. අභියාචනා ඉදිරිපත් කළ සඳහා පවුල් 27 032කට රුපියල් ලක්ෂ 1350ක මුදලක් ද ගෙවිම් කර තිබේ.
ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අමතරව ආර්ථික වර්ධනය ඉහළ නැංවීමටද විශේෂ ව්‍යාපෘති රැසක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකව ඇත. මත්ස්‍ය අස්වැන්න වැඩි කිරීම සඳහා ධීවර කාර්මිකයන්ට පහසුකම් සැපයීමත් සෞභාග්‍යා වගා වැඩසටහන යටතේ කෘෂිකාර්මික බෝග නිෂ්පාදන ඉහළ නැංවීමටත් වැවිලි කර්මාන්තය සඳහා සහන ලබාදීමත් ආදී ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි දිස්ත්‍රික්කය තුළ කෙටිකාලීන සහ දිගු කාලීන සංවර්ධන ක්‍රමෝපායයන් රාශියක් ක්‍රියාත්මක කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
913
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
624
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරෝනා පිඩාවට ලක් වූ ගාල්ල ජනතාවට රුපියල් කෝටි 145.6ක සහනාධාර