ඩී.ජී.සුගතපාල
හිනිදුම රෝහලේ ගිලන්රථ රියදුරු පසුගිය 5 වනදින සිට රෝහල් පරිශ්‍රයේ නිල නිවාසයේ සිට නිරෝධායනය වෙමින් සිටියදි සැක සහිත රෝග ලක්ෂණ පහලවිම නිසා කොරෝනා වැළ දි ඇතිදැයි පරික්ෂණ පැවැත්විම සඳහා අද (09) දහවල් සුව සැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ගෙනගිය බව හිනිදුම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවු මතුගම ප්‍රදේශයේ පුද්ගලයකුට කොරෝනා වයිරසය වැළඳි ඇති බවට තහවුරු වි ඇති අතර ඔහු නෙලුව ප්‍රදේශයේ පුද්ගලයකු ද ඇසුරු කර ඇත.
නෙලුවේ පුද්ගලයා ගිලන් රථ රියදුරු ඇසුරු කිරිම නිසා ගිලන් රථ රියදුරු මෙසේ නිල නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd