(දිලීප් ජයසේකර)
තිස්සමහාරාම නැදිගම්විල ගගසිරිගම ප්‍රදේශයේ දී කිරිදි ඔයේ දිය නාමින් සිටි 65 හැවිරිදි පුද්ගලයකු කිඹුලෙකුට බිළි විමෙන් අද (28) මියගොස් ඇතැයි වීරවිල පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නැදිගම්විල ගගසිරිගම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි වීරසිංහ ආරච්චිගේ ගාමිණි චන්ද්‍රසේකර නැමති පුද්ගලයෙකි.
අද (28) දහවල් කිරිදි ඔයේ දිය නෑමට ගිය ඔහු දිය නාමින් සිටියදී එකවර කිඹුලෙකු විසින් ඔහුව ඇදගෙන ගොස් තිබේ.
පසුව ගම්වාසින් විසින් පැය එකහමාරක පමණ සෝදිසියකින් පසු කිඹුලාට බිළි වු පුද්ගලයාගේ සිරුර සොයා ගෙන දෙබරවැව රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd